හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය යාපනයේදී ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වූ කතාවකදී ඝානතයට ලක්වූ හිටපු එල්ටීටීඊ නායක වෙලුපිල්ලෙ ප්‍රභාකරන්ට 'මිස්ටර් ප්‍රහාකරන්'Mr.pabakaran යැයි ඇමැතීම ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පාක්ෂිකයන් විශාල මඩ ව්‍යාපාරයක් චන්ද්‍රිකා මහත්මියට එරෙහිව ගෙන යන නමුදු මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රභාකරන් ඇමැතුවේ මිස්ටර් ප්‍රභාකරන් ලෙස බව හෙළිවේ.

ඔත්තු සේවා නිලධාරින් තිදෙනකු සමග කුමාර පද්මනාදන් හෙවත් කේපී හොර රහසේ රටින් පිටව ගොස් ඇතැයි යැයි ලංකා හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි. එම වාර්තා වලට අනුව ඔහුගේ ගමනාන්තය සහ මෙරටන් පිටවූ ගුවන් යානය මෙතෙත් හෙලවී නැත.

දෙමළ ජනතාවටත් සිංහල ජනතාවට මෙන් ම සමාජ, ආර්ථික, දේශපාලනිකමය පොදු ප්‍රශ්න තිබෙනවා. මෙම ලැබුණු අවස්ථාව ඉතාම ඓතිහාසිකයි, තීරණාත්මකයි. පසුගිය තිස් අවුරුද්දක ඉතිහාසයම ලියැවුනේ ලේ වැගිරුණු පරිච්ඡේදයක් හැටියට.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා සිදු වූ මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් වලට අදාළව පුද්ගලයින් එකසිය තිස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන අැත.

අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන අයුරින් ද්‍රව්‍යමය ආධාර බෙදා හැරීම හෝ එවැනි ආධාරයක් ලබාදීමට පොරොන්දු ලබාදීම ඡන්ද විමසීමට අදාළ නීතිය යටතේ බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි.

විවිධ සමයන්හි අප දේශය වන ලංකාවෙහි උත්සන්න වූ මර්දනකාරී දේශපාලන තත්වයන් මෙන්ම වෙනත් හේතූන් මත අප රට අත හැර ඒමට සිදුව විදේශ ගතව ජීවත්වන අප, එළඹෙන ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට පෙළ ගැසී සිටිමින් ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය පළ කරමු.

ඊයේ (3) දා පොලොන්නරුව, අරලගංවිල හා අවට ප්‍රදෙශවල දී සිදුකළ පහරදීම හා වෙඩි තැබීම සැලසුම් සහගත ලෙස ජනතාව භීතියට පත් කිරිමේ අරමුණින් සිදුකළ දෙයක් බවට අනාවරණය වී ඇත.එම ප්‍රහාරයෙන් විපක්ෂයේ කාර්යාල 7 කඩා දැමුණු අතර වාහන වලට දැඩි අලාබහානි කලහ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 5 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.

දින 30ක සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින පෙර‍ටුගාමි සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේ යන අය ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත් අඩංගුවට ගත හැකි නමුත් ඒ මේ වන තුරුත් සිදුව නොමැත.

worky

worky1

ld add copy

Connet With Us