'සිරිකොත අබියස සාමකමී උද්ඝෝණෂණයක නිරතවූ තම සංවිධානයේ සාමාජිකයන්ට සංවිධානාත්මක පිරිසක්‌ විසින් මාරාන්තික ලෙස පහර දුන් බවත් ඡන්දයක්‌ අබියස යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කතා කරන අවස්‌ථාවක එක්‌සත් ජාතික පක්‍ෂය මෙවැනි පහරදීමක්‌ කරයි කියා කිසිලෙසකින්වත් හිතුවේ නැති බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා පැවසීය.

අද ආර්ථික විසංතුලනයේ දරිද්‍රතාවයේ පාරිසරික තර්ජනයන්හි හා ත්‍රස්‌තවාදයේ අති විශාල අභියෝගයන්ට මුහුණ දෙන ලෝකයට ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපතේ පණිවුඩය ගෙනා බෙත්ලෙහෙමේ තාරකාව සමග ඇරඹි දයාවේ හා ඉවසීමේ පණිවුඩයෙන් බොහෝ සේ යහපත සලසා ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නත්තල් උත්සවය නිමිත්තෙන් සුභ පැතුම් පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

ඡේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේව නිසි ලෙස අනුගමනය කිරීමට නත්තල් සමයේ කිතුණු ඔබ ගන්නා තීරණය අනිවාර්යයෙන්ම ඔබ හදවත් තුළ සාමය හා සමාදානය දල්වමින් නත්තලේ නියම ප්‍රීතිය අත්දැකීමට හේතුවන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නත්තල් දින සුභ පැතුම් පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටියි. එම පණිවුඩය මෙසේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි සීතාවක ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු 5දෙනෙකු අද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් පී.ඩී නුගලියද්ද මහතා අද (24) එජාප පාර්ලිමේන්තු ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මහනුවර නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉදිරි ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව පැවසීය.

ඔබට කවදා හෝ තරු පහේ හෝටලයක උත්සවයක් සඳහා ආරාධනා ලැබිල ඇති. එවැනි තැනකදී අනුගමනය කරන විශේෂ සිරිත් තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධාන පළාත් සභා මන්ත්‍රීවරයෙක් හා ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 18ගේ සහය විපක්ෂයට එක්විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කොන්දේසි විරහිතව සහාය දක්වන බව ඥානාසාර හිමියන් පවසයි.
 
ඒ  හිමියන් මේ බව පවසා සිටියේ අද(24) කිරුලපණ බෝධි බෞද්ධ  මන්දියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.    

worky

worky1

ld add copy

Connet With Us