2016 වසර හා සන්සන්දනය කරන විට මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික, ව්‍යාපාර පරිසරය හා සමාජ ආර්ථික යටිතල පහසුකම් සැළකිය යුතු මට්ටමින් වැඩිදියුණු වී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකාවේ සෞභෘග්‍යය මැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා සමෘද්ධි දර්ශකය අනුව මෙම තොරතුරු වාර්තා වී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ සියලු පක්ෂ හා කණ්ඩායම්වලට `එක අරමුණක් වෙනුවෙන් එක පෙරමුණක්` නිර්මාණය කරන ලෙස තමන් බලකරන බවත්, එම ඉල්ලීම මුල් කොටගෙන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව`දිදුලන හදවත` සංවිධානය ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂට එරෙහිව දෙවරක්ම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ සම්මතව තිබුණත් එය පිළිගැනීමට නොහැකිනම් හෙට (19) ඊට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කර සම්මතකර පෙන්වන ලෙස ඔහුට අභියෝග කරන බව එජාපයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

සිරිසේන ජනපති විසින් අද සවස් වරුවේ කැදවා තිබුණ සර්ව පාක්ෂික සමුළුවත් සිරිසේනගේ හිතුවක්කාර මෝඩ කතන්දර අසා සිටීමෙන් පසුව කිසිදු වැද්ගත් කමකින් තොරව අවසන් වී ඇත.

ශ්‍රී ලංකාව නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාවට නැංවීම සිදු නොකළහොත් ශ්‍රී ලංකාව හා අමෙරිකා එක්සත් ජනපදය අතර දැනට පවත්වාගෙන යන හා අනාගතයේදී සිදු කිරීමට නියමිත සියලු ආරක්ෂක ව්‍යාපෘති නවතා දැමීමට හැකි බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

රාජ්‍ය භාණ්ඩාගාරය මේ වන විටත් මුදල් නොමැති වීම හේතුවෙන් අසරණ තත්වයට පත් වී තිබෙනවා. මුදල් අමාත්‍යංශ ජ්‍යේෂ්ඨ නිළධාරියෙක් පැවසුවේ මේ වසර අවසානය වනතෙක් සිදු කිරීමට තිබෙන ව්‍යපෘති අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා අරමුදල් නොමැති වීමෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.

රාජපක්ෂ යුගයේ සිදු කෙරුණු බරපතල අපරාධ ගැන විමර්ශන ගනනාවක් සිදු කරමින් සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම විමර්ශන වලින් ඉවත් කරන ලෙස සිරිසේන ජනාධිපතිවරයා අද පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. ඒ අනුව ඔහුව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන්ම ඉවත් කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතී

සිරිසේන සහ මහින්ද එකතුව විසින් සිදු කළ ජඩ දේශපාලන කුමන්ත්‍රණය හෙළිදරව් වීම නිසා බරපතල දේශපාලන ආගාධයකට වැටී සිටින මේ තක්කඩියන් දෙදෙනාගේ ප්‍රතිරූපය යළි ඉහළදමා ගැනීම වෙනුවෙන් කතානායක කරූ ජයසුරිය ඉලක්ක කරගෙන දැවැන්ට මඩ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us