2015 මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශකිරීම ඉතා සාමකාමීව පැවැත්වෙන බව වාර්තා වේ. සුළු සිද්ධීන් කිහිපයක් පමණක් මේ වනවිට වාර්තා වේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ඉලුක්පිටිය ප්‍රදේශයේ ඡන්දදායකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට ගියවිට ඔහුගේ ඡන්ද කලින් දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙන බව වාර්තා වේ. මීට අමතරව රඹුක්කන දොඹේමඩ කණිෂ්ට විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය අසල ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඡන්ද දායකයින් වෙත මත්පැන් බෙදාදීම් පිළිබඳව තොරතුරු වාර්තා වන බව කැෆේ සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කළේ බදුල්ල, නුවරඑළිය, පුත්තලම ,කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක වලින් මෙම සිදුවීම් වාර්තා වන බවයි.

කළුතර දිස්ත්‍රික් එජාප අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා හා නන්දන ගුණතිලක මහතා අද සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාස්ථාන වලට පැමිණි අවස්ථාව

කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා අද උදැසන සිය ඡන්දය ප්‍රකාෂය කිරීම සඳහා සාමාන්‍ය ජනතාව සමඟ තම අවස්ථාව එළැබෙන තුරු පොළිමේ සිටි අවස්ථාව

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මනෝ ගනේෂන් මහතා අද සිය ඡන්දය පාමංකඩ ශ්‍රි මහා විහාරස්ථානයේ පැවැති ඡන්ද මධ්‍යස්ථනයේදී ප්‍රකාශයට පත් කළේය.

මෙවර මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ අංක 01 න් තරග වදින, එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද උදෑසන 7.00 ට, කොළඹ, ඩි. එස්. සේනානායක විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප‍්‍රකාශ කරන ලදී.

රටේ සියලු ජනකොටස්‌වලට සමගියෙන් හා සංහිඳියාවෙන් යුතුව ජීවත්විය හැකි සමාජයක්‌ සහ ජාතික වැඩපිළිවෙළක්‌ දියත් කළ හැකි ස්‌ථාවර රජයක්‌ පත්කර ගැනීම ඡන්දදායක මහජනතාවගේ කාලීන වගකීමක්‌ බව ඒකාබද්ධ වාණිජ මණ්‌ඩලය සහ විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක දැක්‌වේ.

ශ්‍රී ලාංකීය නවකතාව වෙනුවෙන් නව සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹේ.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා වලින් රචිත ලාංකීය නවකතා වෙනුවෙන් පිරිනමන නව සාහිත්‍ය ත්‍යාගයක් ‘ෆෙයාර්වේ සාහිත්‍ය ත්‍යාගය‘ නමින් මෙම වසරේ සිට ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

ඒ අනුව පිළිගත් ප්‍රකාශන ආයතනයක් මගින් හෝ කර්තෘ ප්‍රකාශනයක් ලෙස 2014 වසරේ ජනවාරි 01 දින සිට 2015 වසරේ අප්‍රේල් 30 දක්වා පළමු වරට ප්‍රකාශනයට පත් කරන ලද සිංහල, දෙමළ හා ඉංග්‍රීසි නවකතා මෙම ත්‍යාගය සදහා සළකා බැලේ.

ld add copy

Latest News

කතරගම ඉල් මංගල්‍ය දෙසැම්බර් 04 වැනිදා

කතරගම ඉල් මංගල්‍ය දෙසැම්බර් 04 වැනිදා

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වර්ෂ අවසන් මංගල්‍ය වන ඉල් මංගල්‍ය ලබන දෙසැම්බර් 04 වැනි දින පැවැත...

Connet With Us