ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සහාය ලබා ගැනීමට වාමාංශික පක්‍ෂ හා සුළු පක්‍ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවක්‌ අද (29 වැනිදා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ලබන අඟහරුවාදා වනවිට තමන් සන්ධානයෙන් අගමැති අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් එය එදිනට බලාගත හැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය කාලයේ විවිධ පෞද්ගලික වාසී සඳහා බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය හැර ගිය බවත් හැර ගිය පුද්ගලයින් යළි පක්ෂයට නොගන්නා බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය ලබා ගැනීමට නම් හිටපු ජනාධිපති නිහඬව සිටිය යුතු බව අර්ජුන රණතුංග මහතා පවසයි.

ඉදිරි මැතිවරණයෙන් ජයක් ලබා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්කර ගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය අදියර දෙකකින් පැවැත්වීමට ගෙන ඇති තීරණයට අනූව ඊට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශපාලන සිරකරුවන් මුහුණපාන ප‍්‍රශ්න පිළිබඳ මැදිහත්වීමට සම අයිතිය ව්‍යාපාරය ගන්නා ක‍්‍රියාමාර්ගවල තවත් එක් පියවරක් ලෙස දේශපාලන සිරකරුවන් හමුවී ඔවුන් මුහුණ පා ඇති ප‍්‍රශ්නවලට මැදිහත්වීමේ වැඩසටහනක් අද (19) දින උදෑසන 9.30 පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහෝදරයා විසින් බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් හමුවුණි.

මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමන්ගේ හිතවාදීන්ට නාමයෝජන ලබා දෙමින් එම මැතිවරන සටනට තමා නායකත්වය දිය යුතු බවත් තම පවුලේ සාමාජිකයන්ට එල්ල වී ඇති චෝදනා වලින් නිදහස් කළ යුතු බවත් කියමින් මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන මහතා හා එකඟතාවයකට පැමිණීමට තවමත් උත්සහ කරමින් සිටින බව වාර්තාවේ.

ld add copy

Connet With Us