විදෙස් රටවලින් සේලයින් මිලදී ගැනීම සැප්තැම්බර් මස 01 වෙනිදායින් පසු සම්පූර්ණයෙන් නවතන බව ඖෂධ නිශ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර තිබේ.

මෙහෙකාර දැරිය පිලිස්සී මියගිය සිද්ධිය පිළිබඳ නිසිලෙස පරීක්ෂණයක් කර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වරදක් කර ඇත්නම් ඔහුට එරෙහිව පියවර ගත යුත්තේත් පාලකයන් විසින්ම යැයි සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධානීන් සහ ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් අතර සාකච්ඡාවක් ඊයේ (26 දා) ලංකා සම සමාජ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

වර්තමාන විදේශ විනිමය සංචිත ශේෂය අද ඇමරිකානු ඩොලර් බිලියනයක ගෙවීමෙන් පසු ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ වන බවත්” රටට අපේක්ෂිත විනිමය ගලා ඒම් සහ පිටතට ගලායෑම සලකා බැලීමේදී ඉදිරි මාස කිහිපය තුළ රටේ විදෙස් සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් පවසා ඇත.

ඇමරිකා එක්සත් ජනපදය මගින් සම්බාධකවලට යටත් කරන ලද රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින බව චීනය ප්‍රකාශ කරයි. චීනයෝ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනයද ඇතුළුව රටවල් 27ක් එක්සත් ජනපදයේ සම්බාධකවලට යටත් කොට ඇති බවයි.

සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට ඊයේ (26 ) දැනුම් දී තිබෙනවා.

නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරීමට නියම වී තිබෙනවා. ඒ අදාළ සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එමෙන්ම අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

-පංචාලි අබේසේකර

අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us