ද කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (25) අලුයම අභාවප්‍රාප්ත වී තිබේන බව වාර්තා වෙනවා.

රාජා මහේන්ද්‍රන්ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ අයෙකි.

විපක්ෂය පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා ඇරඹීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ආරාධනා කිරීමට සූදානම් වෙයි.

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට මේ වන විට සකස් කෙරෙමින් පවතින බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ගුරු සංගම් වෙත දැනුම් දී තිබේ.

 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් සහ ජාවාරම්කාරියකගෙන් කප්පම් මුදල් ගත් යුද හමුදා සොල්දාදුවන් තිදෙනකු පොලිසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී දැරියක් පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ තවත් ලිංගික අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට පත්ව තිබේ.

ගොවීන් විසින් කාබනික පොහොර යොදා කරනු ලබන නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ‘සතොස ඕගනික් සුපර් මාකට්’ නමින් සෑම නගරයකම සුපිරි වෙළෙඳසල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (21දා) පවසා ඇත.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් අද (22) අලුයම 05.30ට පමණ බීජිං නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින්මෙරටට රැගෙන විත් තිබේනවා.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද(22) උදෑසන කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් මෙලෙස උද්ඝෝෂණයේ නියැලේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us