මරණීය දණ්ඩනය නියම වී වසර 20 කට වැඩි කාලයක් සිරගත වී සිටින පුද්ගලයින් 216 දෙනෙකුගේ එම මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා ක්‍රියාත්මක සිර දඬුවමක් බවට පත්කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ. මේ අනුව පොසොන් පොහොය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව කටයුතු කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

රට මේ වන විට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඇති එකම මාර්ගය නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දුෂ්කර පළාත්වල හෝ අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අඩු මුදලකට පහසු ගෙවීමේ පදනම මත ස්මාට් ජංගම දුරකතන මිලදී ගැනීම සඳහා ඉතා ඉක්මනින් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සාකච්ඡා කර ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වී ඇති අලාභය තක්සේරු කිරීම සඳහා අනුකමිටු පහක් පත්කර තිබේ.

පසුගිය යහපාලන යුගයේදී එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරනු ලැබු ඉන්ධන මිල සුත්‍රයට අනුව ඉන්ධන මිළ සංශෝධනය කලේ නම් අද රුපියල් 157 ට විකුණන 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 164 ක් වන බවත් අද රු.111 ට විකුණන ඩීසල් ලීටරයක මිළ රු 122 ක් වන බවත් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිළ අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශකර සිටියේය.

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

කොවිඞ් ව්‍යසනය පාලනය සහ ඒ වෙනුවෙන් වියදම් කිරීමට ආණ්ඩුව අද (22දා) රුපියල් කෝටි විසිදහසක අති විශාල මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් යොදාගෙන මුදල් වාංචා කළ චීන ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් පත් 30ක් සමග ගල්කිස්ස පොලිසිය මගින් ඊයේ(21දා) අත්අඩංගුවට ගෙන තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us