ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වි. මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය, වෙනත් රජයන්, මහ බැංකු, මූල්‍ය ආයතන සහ ආයෝජකයින් සමග මෙරට වෙත ආයෝජන, ණය පහසුකම් සහ විනිමය හුවමාරු පහසුකම් ඇතුළු අවස්ථාවන් වෙනුවෙන් ඍජු නියැලීම් මාලාවක් ආරම්භ කර ඇතැයි මහ බැංකුව පවසයි.

“කිසිම ශිෂ්ට සමාජයක් තමන් සතු සම්පත් අපතේ යවලා, ආනයනය කළ දෑ වලින් පොහොසතුන් වෙලා නෑ. අපි මේ ඉන්ධන මිල කියන දේ වසර 40ක් පුරාම දේශපාලනීකරණය කර තිබෙනවා. එය රටෙහි 10%ක් වන පොහොසතුන්ටත් අද සහනාධාරයක් විදියටයි ක්‍රියාත්මක වෙන්නේ..." යැයි මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති, ආයෝජකයෙකු වන මුර්ටාසා ජැෆර්ජි මහතා පවසයි.

මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල එකඟතාව පළ කර ඇත.

මෙවර මහ කන්නයට පමණක් වී වගාව වෙනුවෙන් රසායනික පළිබෝධනාශක ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසුවේය.

හෙක්ටයාර 73800 කට දියවර සැපයෙන පවුල් 250000 ක පිපාසය සංසිදුවන උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙදුන් සොයා පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් ආරම්භ කර තිබේ. ඒ අනුව වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

එළඹෙන වසරේ මාස අටක කාලයක් තුළ පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us