ඉරුදින හා සන්ඩේ ලීඩර් පුවත් පත් ද්විත්වය ප්‍රකාශයට පත්කරන සමාගම් කළමනාකාරිතයයෙහි , නව ' ප්‍රධාන විධායක නිළධාරිවරයා' ලෙස ප්‍රවීණ මාධ්‍යවේදියකු වන මහේෂ් සේනානායක මහතා පත්ව තිබේ. ඊයේ දිනයේදී ඔහු වැඩ බාර ගැනිමද සිදු කර තිබෙන බව වාර්තාවේ.

නව ගිවිසුමකට අනුව පෝට්‌ සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්‌තෝබර් මස මුලදී යළි ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ගේ පාර්ලිමේන්තු දිවියට දින දස දහසක් පිරීම නිමිතතෙන් ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් වැඩසටහන් විශාල ප්‍රමාණයයක් යෝජනා කර සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දෙනු ලැබුවද ඉන් සියයට දහයක තරම් ප්‍රමාණයක්වත් සිදුව නොමැති බව වාර්තාවේ.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දසනායක මෙරට දැවැන්තම ව්‍යාපරිකයන්ගෙන් සන්තෝසම් ලබාගෙන ඔවුන්ගෙන් රජයට අය විය යුතු බදු බිලියන ගනනක මුදල් කපා හැරි ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබේ. එම දෙපාර්තමෙන්තුවේ ජේෂ්ඨ නිළධාරියකු අප හා පැවසූවේ මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉදිරියේදී හෙළි කරන බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත්ය.

විපක්ෂයට ඉඩ දෙන්න එපා.. කුඩුවෙන්න ගහන්න.. යැයි මේ දිනවල රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින්ට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් හා ජනාධිපති කාර්යාලය පැත්තෙන් නියෝග නිකුත් වෙන්නට පටන් ගෙන ඇති බව රාජ්‍ය මාධ්‍යයන් හී සේවය කරන මාධ්‍යවේදීන් පවසයි.

ලබන වසරේ ජනවාරී පළමු වෙනිදා සිට පෞද්ගලික රෝහල් වලින් සිදු කරනු ලබන රුධිර පරීක්ෂණ වාර්තා රජයේ රෝහල් වලට බාර ගැනීම තහනම් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසයි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා සුදුසුකම් සහිත මුද්‍රණාලයාධිපතිවරයකු නොමැතිවීම හේතුවෙන් එහි වැඩකටයුතු මුළුමනින් අඩපණවී විශේෂ ආරක්ෂා සහිතව මුද්‍රණය කළ යුතු රජයේ රහස් ලියැවිලි මුද්‍රණය පවා පෞද්ගලික අංශයට දීමට සිදුවන තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ මැදිහත්වීම මත ලයන් බෲවරි සමාගමට බීර (බියර්) සඳහා 60%කට ආසන්න බදු සහනයක් ලබා දීම හේතුවෙන් මේ වන විටත් රුපියල් බිලියන ගණනක බදු මුදලක් රජයට අහිමි වෙමින් පවතින බව වාර්තා වෙයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us