එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන 13 දෙනෙකුගේ පිරිස නම් කොට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම්දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට නව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධූරයක් ලබාදීම ගැටලුවක් වී තිබේ.

අද උදැසන පැවැති ශ්‍රී ලනීප මධ්‍යම කාරක සභාවේදී එක්සත් ජාතික පක්ෂය හා ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවීමට අවශ්‍ය අනුමැතිය ලැබී තිබේ. 

මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ කේ.ඩී.ලාල් කාන්ත අදාල මනාප ප්‍රමාණය සම්පූර්ණ නොවීම හේතුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්නොවූ අතර ඔහු තමාට හිමි පළාත් සභා මන්ත්‍රීධුරයෙන්ද සමුගන්නා බව පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත් පාර්ශ්වය විසින් සන්ධාන ආණ්ඩුවක් පිහි‍ටුවා ගැනිම සඳහා කළ කුමන්ත්‍රණය පරාජයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් කිහිප දෙනෙකුගේම සහය ලබා ගෙන එජාප ආණ්ඩුවක් පිහි‍ටුවීමට අවශ්‍ය බහුතර මන්ත්‍රීවරු ප්‍රමාණය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ. එම කණ්ඩායම 20 දෙනෙකු පමන වන බවත් වාර්තාවේ.

රක්නා ලංකා ආයතනයේ සිදුවී ඇති විවිධ අක්‍රමිකතා සහ අවි ආයුධ සම්බන්ධව ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂට ඊයේ (18) විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට දන්වා සිටියද, ඔහුගේ නීතීඥ රුවන්ත කුරේ මහතා ඒ සඳහා මෙම 24 දායින් පසුව දිනයක් ලබාදෙන ලෙසට එම කොමිසමෙන් ඉල්ලා තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හමුදා සෙබළුන් සිව්දෙනාට ආරක්‌ෂක අංශ ප්‍රධානීන් කීපදෙනකු විසින් රැකවරණය ලබාදීම නිසා පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන යෑමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිතුවේ නම සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට යලි මන්ත්‍රීධුරයක් ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපති සම්බන්ධීකරන ලේකම්වරයකු හා ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාචාර්යවරයකු යැයි කියන නීතිඥ ( දික්කසාද නඩු සඳහා විශේෂඥයකු යැයි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ) ශිරාල් ලක්තිලක මහතා විශේෂ මහන්සියක් දරමින් සිටින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. ලක්තිලක මහතාද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මෙවර නියත ලෙසම පත්වන බවද එම ආරංචි මාර්ග පවසයි.

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us