වැට් බදු වැඩිකිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය පදනම් කරගෙන ජනතාව හමුවේ ව්‍යාජ රංගනයක් දියත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු නඩයේ සැලැස්ම මේවන විට අලවී පොඩී වී කක්කගොඩක් බවට පත්ව තිබේ.

පරිසරවේදියකු සහ සත්හඬ පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජික දයා නෙත්තසිංහ මහතාට පියසේන ගමගේ ගේ මැරයන් පිරිසක් පහරදී ඇතැයි වාර්තා වේ.

යුධ හමුදාවේ කෝටි ගණනක සලාක මුදල් වංචාවක් සම්බන්ධව චෝදනා ලබා සිටින යුධ හමුදා සේවා බලකායේ සිටි මේජර් ජනරාල් අජිත් වික්‍රමසිංහ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ තනතුරට පත්කර ඇතැයි වාර්තා වේ.

බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නගරයේදී ලබන අගෝස්තු මස 5 වැනි දින සිට 16 වැනි දින දක්වා පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ නිල ක්‍රීඩා වෛද්‍ය කටයුතු ආවරණය සදහා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය හිමාන් ද සිල්වා සහ වෛද්‍ය සංඛ තෙබුවනආරච්චි යන මහත්වරුන් දෙදෙනා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තෝරා ගෙන තිබේ.

කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති වසන්ත රංජිත් ජයසුන්දර එම පාසලේ ගුරුවරයෙකුට පහරදීම සඳහා සිසුන් මෙහෙයවීම සම්බන්ධව අද (11) බොරැල්ල පොලිසියේ අත්අඩංගුවට පත්වුවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ බලපෑම මත නිදහස් කර යවා ඇතැයි වාර්තා වෙයි.

ගාල්ල, නෙළුව, දෙල්වල, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරයට එම ගම්වාසීන් කැමැති බවට ව්‍යාජ තොරතුරු සහිත වාර්තාවක් ජනාධිපතිවරයාට යොමු කිරීමේ කුමන්ත්‍රණකාරී සැලසුමක් ගැන තොරතුරු හෙළිවේ.

මේ දිනවල තිරගත වන ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයට එරෙහිව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සිදුකළ පැමිණිල්ල පි‍ටුපස සිටින්නේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඇතුලු එම පවුලේ සාමාජිකයන්ගේ සුමති චිත්‍රපට සමාගම බවට මේ වන විට සියළු තොරතුරු හෙළිදරව් වී ඇත.

යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක කටයුතු තවත් මාස නවයකින් ආරම්භ කෙරෙන බව සඳහන් අද (10) දිවයින පුවත්පතේ මුල් පුවත මෙරට ජාතික සංහිදියාවක් ඇතිවීම වැළක්වීම අරමුණු කර ගනිමින් ඊශ්‍රාලයීය සම්බන්ධතා ඇති (සියෝන්) පෞද්ගලික බුද්ධි අංශයක උපදෙස් මත සකස්කර පලකරනු ලැබුවක් බව විශ්වාස වන්ත ආරංචි මාර්ග වාර්තා කරයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us