ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා ගමන් කළ එයාර් ඒෂියා ගුවන්යානයේ කළු පෙට්ටිය ඊයේ(12) දිනයේදී ඉන්දුනීසියානු කිමිදුම්කරුවන් විසින් සොයාගනු ලැබූ බව විදෙස් මාධ්‍යය සඳහන් කරයි.
ලෝක නායකයන් ඇතුළු ප‍්‍රංශ ජාතිකයන් ලක්ෂ 37 ක් පමණ ත‍්‍රස්තවාදයට විරෝධය පළ කරමින් විරෝධතා පා ගමනක නිරත වේ.
එබෝලා රෝගයට එරෙහිව නව ඖෂධයක් ලයිබීරියාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක පරීක්ෂා කරමින් තිබෙන බව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය පවසයි.
තාරකාවල වයස නිවැරදිව තීරණය කිරීමේ නව ක‍්‍රමයක් ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත.
ස්කොට්ලන්තයට අයත් වෙළෙඳ නෞකාවක් උතුරු ස්කොට්ලන්ත ආසන්න මුහුදු කළාපයේදී මුහුදුබත් වී තිබෙනවා.
ජපන් ජාතික ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් මසකට වැඩි කාලයක් වරින්වර අතවර කිරීම පිළිබඳව මිනිසුන් පස්දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ඇමෙරිකාවේ කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානයක සිටි වයස අවුරුදු 07 ක දැරියකගේ දිවි බේරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
