බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඌව පළාතෙත් හම්බන්තොට, රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු ඇමතිවරුන් පහළොස් දෙනෙකු පසුගිය කාලයේ දී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානය පැවසූ බවට වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

අඩු මිලට ලබාගැනීමට හැකි නව මත්පැන් නිෂ්පාදනයක් කඩිනමින් ජනතාවට හඳුන්වාදීමට කටයුතු කරන බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සිදු කළ ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය පළ කර ඇත.

දහම් පාසල් කටයුතුවලට බාධා එල්ල විය හැකි බැවින් ඉරිදා දිනවල විවිධ වැඩසටහන් සංවිධාන නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම රජයේ පාසල්වලට දැනුම් දී තිබේ.

අද සිට උත්සව සමය අවසන් වන තුරු මගී ප්‍රවාහන බස් රථ ඇතුළු සියලු වාහන පරීක්ෂා කිරීමට පොලීසිය තීරණය කර තිබෙයි

මෙරට සහල් හිඟයට විසඳුමක් ලබාදීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් තොගයෙන් බහලුම් 10 ක් පමණ මේ වන විට සහල් පිටි නිෂ්පාදනය කිරීම සඳහා මහා පරිමාණ සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන ආයතනවලට අලෙවි කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශයේ ආරංචිමාර්ග කියයි.

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ld add copy

Connet With Us