සතියකට රට වසන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය කාර්යමණ්ඩල අද නිහඬ විරෝධතාවයක !
රට විද්‍යානුකූල පදනමකින් වසා දැමීමට කටයුතු කරන ලෙස බල කරමින් සෞඛ්‍ය කාර්යමණ්ඩල අද (18 වැනිදා) දහවල් තෝරාගත් රෝහල් ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
තවත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා තැබීමට අදාළ වෙළෙඳ සංගම් තීරණය කර තිබේනවා.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග අන්තවාදී සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙරටට හා කලාපයට ඇති බලපෑම සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.
ස්වයං ලොක්ඩවුන් වෙන්න - සමගි ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලයි !
වෛද්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් මත ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වන ලෙස සමගි ජන බලවේගයේ සියලු දේශපාලන පක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
වරායේ අක්කර 13 ක ඉඩම චීන සමාගමකට කුණු කොල්ලයට - වෘත්තීය සමිති එරෙහිවේ!
කොළඹ වරායට අයත් අක්කර 13 ක ඉඩම හා වරාය අධිකාරිය යටතේ ලබාදෙන සේවාවන් චීනයේ CICT සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය වහා අහෝසි කරන ලෙස වරාය වෘත්තීය සමිති ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය ජනාධිපතිරයාට යොමු කරන ලද ලිපිය පහත දැක්වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේනවා .
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝගකර තිබේ.
අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේනවා .

