විමල් වීරවංශ ප්‍රමුඛව දේශපාලන අවිනිශ්චිතතාවකට ලක්වූවන් හෙට දිනයේ මහනුවර නගරයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන ‍රැළිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම සම්බන්ධ වන බව ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නියෝජිතයකු පැවැසීය.

රජයේ දින 100 වැඩපිළිවෙළෙහි අන්තර්ගත ගර්භනී මාතාවන්ට රුපියල් 20,000ක් වටිනා පෝෂ්‍යදායි ආහාර මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙල 'නිරෝගී මාතෘ වැඩසටහන' වශයෙන් මෙම මස 21 වන දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ට මරණ දඬුවම නියම කර, යාපනය අර්ධද්වීපය පුරා පඹයින් එල්ලා ඇත. වඩමාරච්චි, තෙන්මාරච්චි සහ යාපනය නගරය යනාදී ප්‍රදේශයන්හි 03 දින රාත්‍රී මෙලෙස පඹයින් එල්ලා ඇති බව දැනගැනීමට ලැබී ඇත.

චීනයේ ආධාර ඇතිව ඉදිකෙරමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නැවත්වීමට ඊයේ (04දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

මුහුදු කොටි නායිකාවක අත් අඩංගුවට ගත්තා යනුවෙන් රජයේ හා පෞද්ගලික මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කළ පුවතේ සඳහන් පරිදි ඇය මෙරට සැඟවී සිටි මුහුදු කොටි නායිකාවක් බව හැඟ වුවත් එය සත්‍යයක් නොවන බව හෙළිවේ.

විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම එකවර සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂයේ එකඟතාව පළ වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දුන් බව වාර්තා වේ. ජාතික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නවා නම් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට භාර කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සිකුරාදා (13දා) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. එහිදී පස්වරු 2.30 සිට ඔහු සිය කතාව පවත්වනු ඇත. ඉන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහත්වරුන් සිය කතා පැවැත්වීමට නියමිතය.

යාපනයේ, කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිවන ජනාධිපති මන්දිරය ජනසතු කිරීමට බලාපොරොත්තු වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us