ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් අද(05) ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.

අද (05) සිට කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල උත්තරානන්ද මාවත, පෙරහැර මාවත හා නවම් මාවත අදියර 3 ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

76 වන ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් යාපනය දෙමළ සිවිල් සංවිධාන එක්ව 76 වන ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් ලෙස සමරා ඇත.

76 වන ජාතික නිදහස් දින සැමරුම “හදමු අලුත් රටක්” යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව පැවැත්විණි.

නිදහස සමරන එක වැරදියි කියන්නෙ ජාතික හැඟීමක් නැති පිරිසක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා තිබේ.

ගූගල් සමාගම විසින් සිය මුල් පිටුව ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් අද (04) සරසා තිබෙනු දැක ගත හැකියි.

ශ්‍රී ලංකා අප මාතෘ භූමියේ නිදහස උදෙසා ප්‍රාණ පූජාවෙන් යුතුව කැප වූ අපේ අභීත විරුවන්ට අප සදා ණයගැති වන්නේය. නිදහසෙහි අගය ගැන සිහිකරන අද වන් දිනක,    ශ්‍රී ලංකාව විජය භූමියක් කිරීමට කැප වූ, සැබෑ පරිත්‍යාගශීලීන් වූ ඔවුන් සියලු දෙනා වෙත මාගේ උත්තමාචාරය පුද කරන්නේ හද පිරි බැතියෙනි.

හෙට (05) දින රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ld add copy

Connet With Us