ශ්‍රී ලංකාවට 2020 දී ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් (රුපියල් බිලියන 50 කට ආසන්න ප්‍රමාණයක්) විදේශයන්ගෙන් කිරිපිටි ආනයනය නොකිරීමෙන් ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ. මෙය COVID-19 වසංගතය හේතුවෙන් අත්කරගත් වැදගත් ධනාත්මක තත්වයකි. රේගු දත්ත වලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව සීමිත ප්‍රමාණයකින් කිරිපිටි ආනයනය කර ඇති නමුත් මෙරට නිශ්පාදිත කිරි ආහාරවලට වැඩි උනන්දුවක් ජනතාව තුළ දැන් වර්ධනය වෙමින් තිබේ.

සාමාන්‍ය ජනතාව සඳහා කොවිඩ් එන්නත් ලබාදීම මාර්තු මස පළමු සතියේ සිට ඇරඹිය හැකි බව වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර තිබෙනවා.

එන්නත් වලින් කිසිදු ප්‍රධාන අතුරු ආබාධයක් මෙතෙක් වාර්තා වී නොමැති බව ඊයේ (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කර ඇත.

සුළු අතුරු ආබාධ ලෙස උණ සහ ඇඟේ අමාරුව වැනි රෝග ලක්ෂ පැවතුනද එය සමාන්‍ය දෙයක් බවත් එහිදි සඳහන් කර ඇත.

එන්නත ලබාදීමෙන් අනතුරුව වාර්තාවන ආසාදිතයන් ගණන අඩුවිය හැකි බවත් මෙහිදී PCR සහ ඇන්ටිජන් පරික්ෂණ සංඛ්‍යාව ද අඩුකළ හැකි බව අමාත්‍යවරිය සඳහන් කළා .

 

-පංචාලි අබේසේකර

 ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පත්කර තිබේ.

ඇවන්ට්ගාර්ඩ් ආයතනය ගැන dailymirror ඉංග්‍රීසි පුවත්පතට අයත් එම වෙබ් අඩවියේ පළවූ ලිපියක් පසුව එම ආයතනය විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් dailymirror පාලනාධිකාරිය, ඇවන්ට්ගාර්ඩ් අධිපතිවරයාගෙන් මුදල් ලබාගෙන එය ඉවත් කර ඇති බවට චෝදනාවක් එල්ලවී තිබේ. මෙම චෝදනාව සිදු කරන්නේ colombo telegraph වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය ජේෂ්ඨ මාධ්‍යවේදියකු වන උවිඳු කුරුකුලසූරිය විසින් පවත්වගෙන යන්නකි.

 ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවා දමා ඇති බව මහා බැංකුව සඳහන් කරයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා නේවාසිකාගාරවලට පැමිණි සිසුවියන් තුන්දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව විසින් විශේෂ ණය පහසුකම් යටතේ ඉන්දියානු මහබැංකුවෙන් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් මිලියන 400ක ණය මුදල පියවා තිබෙන බව වාර්තා වෙනවා.

මෙම ණය මුදල මහබැංකුව විසින් පසුගිය 2 වන දා පියවීමටයි කටයුතු කර ඇත්තේ. එම ණය මුදල කල් පිරීමට නියමිතව තිබුණේ ද පසුගිය 2 වන දායි.

එළඹෙන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us