මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා යළි ලබාදෙන්නැයි ඉල්ලා අරලියගහ මන්දිරය ප්‍රධාන දොරටුව අභියසදී අද (06) පෙරවරු කාලයේ පොල් ගසා, දෙවියන්ට කන්නලව් කිරීමක් සිදුවිය.

ජනවාරි 8 වනදායින් පසු සමාජ පරිවර්තනයක් කර නව තාක්‍ෂණය සමග බද්ධවන තරුණ පරපුරට නව ලෝකයට ගැලපෙන ආර්ථික සංවර්ධනයක් ඇතිකරන බව පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (5) කටුබැද්ද ප්‍රදේශයේ පැවති ජනරැළියකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම ඉදිරියෙන් වෙනත් ඡන්ද ලකුණක් යෙදූ ඡන්ද දැන්වීමකට සමාන ව්‍යාජ පත්‍රිකාවක් උතුරු නැගෙනහිර පළාත් වල මහා පරිමාණ වශයෙන බෙදමින් පවතී. ආරක්ෂක අංශ යොදා ගනිමින් නිල් බලකාය ගෙන යන මෙම මැතිවරණ නීති උල්ලංඝනයට එරෙහිව කිසිදු පියවර ගැනීමක්ද සිදුවී නොමැත.

ලසන්ත, ඔබ මරා දැමුණේ 2009 ජනවාරී 8 වැනිදාය. දේශපාලන බලයක් සහිත අවිවලට කොතරම් ජීවිත උදුරාගත හැකි වුවත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමේ වුවමනාව මාධ්‍යවේදීන් මරාදමා යටපත් කළ නොහැකි බව අවසන් ලෙස පාලකයන්ට උගන්වන්නේ ජනතාව විසිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(06) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ නම් ජනාධිපති අපේක්ෂකයා තම  ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්බයේ සිටම පැවැසූ බොහෝ කරුණුවලින් ඔහුටම අවාසිදායක තත්වයන් නිර්මාණය කර ගත් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.

ජනපතිවරණය ජය ගන්නා අපෙක්ෂකයා ලබන 9 වැනිදා සවස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ජනාධිපතිවරණ දිනයේදී ඡන්දය සලකුණු කිරීමෙන් පසුව ඡන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන යන වාහන පිටුපස ගමන් කිරීමට දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ලබාදී තිබූ අවස්ථාවේ කිසිදු වෙනසක් නොමැති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පවසයි.

worky

worky1

ld add copy

Connet With Us