හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් නෙරපා දැමීම සඳහා, මෛත‍්‍රී -රනිල් රහස් ගිවිසුමකට එළඹ ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සිරියාවේ අයි එස් ත්‍රස්තවාදීන් හා එක්ව සිටි ශ්‍රී ලාංකිකයකු ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බවට ඊයේ (19) වෙබ්පුවත් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ උදෑසන සිලෝන්ටුඩේ වෙබ් අඩවියෙන් එම පුවත වාර්තා කර තිබුණු අතර රාත්‍රියේ ලංකාදීප වෙබ් අඩවිය ද එය වාර්තා කලේ ය. පුවතට අදාල තොරතුරු මූලාශ්‍ර ලෙස මියගිය පුද්ගලයාගේ මස්සිනා යැයි සඳහන් අයෙක් තැබූ ෆේස්බුක් සටහනක් ගැන සඳහන්ව තිබුණි. පාකිස්ථානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්වවිද්‍යාලයෙහි එල් එල් බී උපාධිධරයෙකු ලෙස ද විවාහක හය දරු පියෙකු ලෙස ද මියගිය පුද්ගලයා පිළිබඳව සටහන් ව තිබූ අතර විශේෂයක් ලෙස ඔහු කරාටේ කලු පටි ධාරියෙකු ලෙසද සඳහන් කර තිබුණි.

 මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන දේශපාලකයන්ගේ ලැයිස්තුවක් අවශ්‍ය නම් නාමයෝජනා කැඳවන්නට පෙර ලබාදෙන බවට ප‍්‍රසිද්ධ කළ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වන බව වාර්තාවේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලෙන් ඉවත් කොට සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවකට මාරුකර යවා තිබේ.

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිද ප‍්‍රකාශයක් ලබාදීම සදහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද (20) පෙනී සිටියේය.

අපරාධ සහ වෙනත් දූෂණ චෝදනා ලැබූවන් රැසක් මේ වන විට මහින්ද රාජපක්ෂ වටා එක් වී ඇතැයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. මහින්ද රාජපක්ෂ වටා එක්වී සිටින පිරිස ගැන අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.

අනුරාධපුරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය සඳහා පිට පළාත්වලින් සෙනඟ ඇදීමට ලංකා පෞද්ගලික බස්රථ 250කට අධික සංඛ්‍යාවක් යොදා ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. හෝමාගම, කොට්ටාව ප්‍රදේශවලින් බස් රථ 30කින් සෙනඟ ඇදීමට කටයුතු කළ බවත් සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සෙනඟ පෙන්වීමට පිට පළාත්වලින් සෙනඟ ගෙනා වීඩි‍යෝ පට තමා සතු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

සහල්වල මිල ගණන් පහත දැමුවේ පිරී පවතින සහල් ගබඩා නිදහස් කිරීමේ අරමුණෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ මැදවච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින්ය.

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us