මහරගම පිළිකා රෝහල යන නිල නාමය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇත.

මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස ස්ථාපිත කිරීම සහ අයිතීන් ලබාගැනීම අරමුණු කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත කරුණු 30 ක් ඇතුළත් යෝජනාවලියක් යොමුකර ඇත. මීට පෙර පැවති රජය තහනමට ලක්කළ සියලූම විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් යළි ස්ථාපිත කිරීමද මෙම කරුණු අතර වන බව කැඳවුම්කරු නජිත් ඉන්දික කියා සිටියේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී මුදල් අය කිරීමේ සිද්ධි බොහෝමයක් වාර්තාවේ. මෙම තත්ත්වයන් වහාම නතර කරන ලෙස නියෝග කරමින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද(23) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

අත්අඩංගුවට ගෙන සිටින වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර නැමැති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලට අනුව දැනට විදේශගතව සිටින හිටපු පොලිස්පතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හතරදෙනෙකු ඔහු සමග සම්බන්ධකම් පවත්වා තිබෙන බවට අනාවරණය වී තිබේ.

ජනපති ලේකම් කාර්යාලයයට අයත් බව කියන වාහන 53ක් පිටකෝට්ටේ පිහිටි රජයේ ඉඩමකින් සොයාගෙන ඇත.

පසුගිය රාජපක්ෂ පාලන කාලයේ සිදුව ඇති මහා පරිමාණ දූෂණ සම්බන්ධව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබේ. 

ld add copy

Connet With Us