වාමාංශික නායකයෙකු ලෙස විමල්ට තමන් කසාද බඳින ලද්දේ වයස අවුරුදු 10ක පමණ වැඩිමල් ගැහැණියක් වීම ඔහුගේ අයිතිය බවත්,ඒ ගැන අන් කිසිවෙකුට ප්‍රශ්නයක් තිබිය නොහැකි බවත් මෙය ප්‍රසිද්ධියේ කිවහැකි කොන්දක් ඔහුට තිබිය යුතු බවත් සන්නස්ගල මහතා පැවසුවේය. 23දා කොළඹ පදනම් ආයතනයේ පැවති 'මිස්ටර් ප්‍රසිඩන්ට්'සංකල්පයේ විකාශය පිළිබඳ පැවති දේශනයක් අතරවාරයේ වත්මන් ලාංකීය තත්ත්වය නිදසුනකට ගනිමින් ඔහු මේ බව සඳහන් කළේය.

බ්‍රිතාන්‍යය නියෝජ්‍ය මහකොමසාරිස් ලෝරා ඩේවිස් මහත්මිය සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී පෙරේරා මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී සිදු විය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම දැනට සති දෙකකට පමණ පෙර දේශපාලන බලපෑම් හේතුවෙන් සේවයෙන් ඉවත් වූ පසු එම තනතුර නැවත නොපිරවීම නිසා ඉදිරි වසරේ විශ්ව විද්‍යාලයට ඇතුලත් කර ගැනීම් පමාවී ඇති බව වාර්තා වේ.

CSN රූපවාහිනිය මාර්තු මස 01දා සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව මේවන විට සේවකයන් 30 දෙනෙකුට වන්දී ලබා දී අයතනයෙන් ඉවත් කිරීමද සිදුව තිබේ.

වකුගඩු රෝග නිවාරණය සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ඉදිරි සතිය තුල පිහිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ ජනාධිපති මන්දිරයේ 2014 නොවැම්බර් මාසයේ ජල බිල්පත සඳහා රුපියල් දහතුන්ලක්ෂ විසි හතර දහස් දෙසිය විසිහයයි ශත විසිහයක් (රු. 1,324,226.26) වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා ගෙන ඒමට නියමිත ආචාර ධර්ම පද්ධතිය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (24) ජාතික විධායක සභාවට ඉදිරිපත් කර ඇත.

'සිංහලකම රැකුණට බෞද්ධකම රැකෙන්නේ නැහැ. බෞද්ධකම රැකුණොත් පමණයි සිංහලකම රැකෙන්නේ. ඒ කියන්නේ සිංහලකම රැකෙන්නේ බෞද්ධකම මතයි. බෞද්ධයාට ජාතියක්‌ නැහැ' යැයි හෑගොඩ විපස්‌සී හිමියෝ පැවසූහ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us