අගමැතිකම බෑ. හොරු අල්ලන පනත අකුල ගන්නම්. ඔන්න එකඟතාවය !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙසින් නම් කරන මෙන් ඉදිරිපත් වූ ඉල්ලීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන යහපත් ප්‍රතිචාරයක් පළ නොකළ බව බිබිසී වාර්තා කරයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාව මීට සුළු මොහොතකට පෙර නිමාවට පත්ව ඇත.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තමන්ගේ ගිණුමේ පවතින ශේෂය තමන්ටම පරීක්ෂා කරගැනීමේ හැකියාව අද සිට හිමිවෙයි.
පාර්ලිමේන්තුව විසුරුවීමට කාලයයි-ලක්ෂ්මන් කිරිඇල්ල(audio)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු මේ මස අග භාගයේදී සිදු කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය විශ්වාසය පළ කරයි.
වත්මන් අගමැතිවරයා පිනා අගමැතිවරයෙක් බවට ප්‍රකාශ කරමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා ඔහුගේ පිංගුත්තරකම හෙළිදරව් කරගත් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ඔහු මෙසේ පැවසුවේ අද(06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව තවත් පැමිණිල්ලක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (06)ඉදිරිපත් කෙරුණි.
හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එළඹෙන 11 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

